රනිල් වික්රමසිංහ නැමති ටයි කෝට් ඇඳගත් කුරුඳුවත්තේ ත්රස්තවාදියා රාජපක්ෂ ජුන්ටාව රකිමින් ජනතා බලවේග මත දරුණු ප්රචණ්ඩත්වයක් මුදා හරිමින් ඇතැයි විදර්ශන කන්නංගර චෝදනා කරයි.
ඔහුට ජන වරමක් නොමැති බවත් තක්කඩි මර්දනය ඔස්සේ ජනතාව බිය ගන්වන්නේ ඉදිරියේ දී රටේ ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව ජනතා බලවේග නැගී ඒම වැළැක්වීමට බව ද ඔහු පෙන්වා දෙයි.
80 දශකයේ සිට රනිල් වික්රමසිංහ තුළ දැකිය හැකි පළිගැනීමේ විකෘති ආශාව ද මේ මර්දනයට හේතුවක් බවයි, විදර්ශන කන්නංගර අවධාරණය කළේ.
මෙම මර්දනය නතර නොකරන්නේ නම් රටේ සිවිල් නීති කඩ කරන මහත්මා ගාන්ධි පන්නයේ අවිහිංසාවාදී අරගලයක් ආරම්භ කරන බවත් සියලු ජනතාව අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් ඔහු ප්රකාශ කළේය.