රනිල්ගේ නිවස පුච්චද්දි මම එතන පැත්තකින් හිටියා…! – දුලාංජලී…

August 21, 2022 at 2:40 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තබන අවස්ථාවේ තමා ඒ අසල සිටි බව දුලාංජලී ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජිලී මේ බව පැවසුවේ ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව යන අවස්ථාවේය.

එම නිවස ගිනි තබන අවස්ථාවේ එහි සිටියේ දැයි මාධ්‍ය විමසූ විට දුලාංජලී පැවසුවේ තමා එහි සිටි බවයි.

“ඔව්, මං ඒ වෙලාවේ එතන පැත්තකින් හිටියා. නැත්නම් එන්න කියන්නේ නෑනේ.” යැයි කීවාය.

තමාගෙන් සුහද ලෙස ප්‍රශ්න කළ බවත් කිසිදු ගැටලුවක් ඇති නොවූ බවත් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *