ගෝඨා දුන් විරෝධතා භූමිය අහෝසියි…! ගාලු මුවදොර නැවත විරෝධතා බෑ…!

August 16, 2022 at 9:57 am | by emanisa.lk

විරෝධතාකරුවන් මාස හතරකට වැඩි කාලයක් භාවිත කළ ගාලු මුවදොර භුමිය ඉදිරියේ දී නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය ඇතිව පමණක් පොදු උත්සව සඳහා භාවිත කළ හැකි බව එම අධිකාරිය ප්‍රකාශ කරයි.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන විරෝධතාවන් සඳහා ප්‍රකාශයට පත් කරන ලද ‘විරෝධතා භුමිය’ මින් ඉදිරියට නොපවතිනු ඇත.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පවසන්නේ එම භුමියේ තව දුරටත් විරෝධතා පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි.

මෙම භුමිය ඉදිරියේදී කිසිදු පාර්ශ්වයකට බදු දීමට හෝ ආයෝජනයක් වෙනුවෙන් වෙන්කිරීමට සැලසුමක් නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *