මෙම වසර අවසානය වන විට රට පවතින අර්බුදකාරී තත්වයෙන් මුදවාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විටත් සකස් වී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
මුදල් අමාත්‍යාංශ ලේකම් සහ මහබැංකු අධිපති කැබිනට් මණ්ඩලයට මේ බව දැනුම් දී තිබේ.
විදේශ විනිමය අර්බුදය විසඳන මාර්ගය කරා රට අඩියෙන් අඩිය ගමන් කර ඇතැයි ඔවුන් දැනුම්දුන් බව ඇමතිවරයා සඳහන් කළේය.
රට තුළ යම් පාර්ශ්ව සතුව ඇති විදේශ මුදල් ඇත්නම් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව එම මුදල්වලින් නේවාසික විදේශ මුදල් ගිණුමක් හෝ වෙනත් ගිණුමක් විවෘත කිරීමටත්, මුදල් දී රුපියල් ලබා ගැනීමටත් මසක සමා කාලයක් ලබාදෙන චක්‍රලේඛයක් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කිරීමට නියමිත බව ද ඇමතිවරයා අනාවරණය කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (02) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.