අල්ලස් චෝදනාවෙන් නිදහස් වූ නිමල් යළි ඇමැති පුටුවට…!

August 2, 2022 at 3:43 pm | by emanisa.lk

නිමල් සිරිපාල ද සිල්වා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.

අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් පිළිබඳව විමර්ශන පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුව නිමල් සිරිපාල ද සිල්වා ඒ චෝදනාවෙන් නිදොස් කළේය.

අමාත්‍යවරයකු විසින් ජපාන සමාගමකින් අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම සඳහා අවස්ථාව උදාකර දීමේ අරමුණින් නිමල් සිරිපාල ද සිල්වා එම අමාත්‍ය ධුරයෙන් පසුගිය මස 6 වැනිදා ඉල්ලා අස්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *