ජවිපෙ ආණ්ඩුවක් හදල සතියෙන් තෙල් ගේනවා..! අපේ ආණ්ඩුවට වැඩිපුරත් එක්ක ඩොලර් ලැබෙනවා…! – ටිල්වින්….

August 2, 2022 at 11:41 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුව ලබා දුන්නොත් සතියක් ඇතුළත රටට තෙල් ගෙන එන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මාසයක් සඳහා රටට උවමනා තෙල් සහ ගෑස් ගෙන ඒමට අවශ්‍ය ඩොලර් මිලියන 430ක් බවත් විදෙස්ගත ලාංකිකයින් ඩොලර් මිලියන 650-700ක් පමණ මාසයකට රටට එවන බවත්ය.

එම මුදල රටට ගෙන්වාගත හැකි නම් තෙල් සහ ගෑස් ගෙනැවිත් තව මුදලක් අතේ ද ඉතිරිවන බව ටිල්වින් සිල්වා සඳහන් කරයි.

මේ වන විට විදෙස්ගත ශ්‍රමිකයින් එවන්නේ ඩොලර් මිලියන 200ක් බවත් ඔවුන් විශ්වාස කරන ආණ්ඩුවක් පත්වුවහොත් නැවතත් රටට සුපුරුදු ලෙස ඩොලර් ගලා එනු ඇති බවත් ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *