ජනාධිපති මන්දිරයේ ජනෙල් තිරරෙදි එල්ලීම සඳහා බිත්තිවල සවිකර තිබුණු රන් පැහැති පිත්තල බෝල 40ක් සොරාගෙන, ඒවා පැරණි භාණ්ඩ වශයෙන් විකිණීමට සූදානම් වූ තිදෙනෙකු ඊයේ (24) පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
රාජගිරිය – ඔබේසේකරපුර ප්රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අවුරුදු 28,34 සහ 37 යන වයස්වල පසුවන අය බව පොලිසිය පවසයි.
වැලිකඩ ප්රදේශයේදී අත්අඩංගුවට පත් ඔවුන් පසුගිය ජුලි 09 වනදා ජනාධිපති මන්දිරයට ඇතුළු වී මෙම සොරකම කර ඇති බවත් සඳහන්ය.
සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා ජනාධිපති මන්දිරයට අදාළ විමර්ශන මෙහෙයවන කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදී ඇත.