මන්දිර කොල්ල කෑ අයට වැඩ වරදී..! දැනට ම 100ක් හඳුනා ගෙන…! නුදුරේ දී ම අත්අඩංගුවට…!

July 23, 2022 at 6:56 pm | by emanisa.lk

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයට හානි වන ආකාරයෙන් කටයුතු කළ සහ එම ස්ථානවල තිබූ වටිනා භාණ්ඩ සොරාගත් බව කියන පුද්ගලයින් 100කට වැඩි පිරිසක් හඳුනා ගැනීමට පොලීීසිය මේ වන විටත් සමත්ව තිබේ.

ඡායාරූප හා වීඩියෝ මඟින් මෙම පිරිස හඳුනා ගෙන ඇති අතර එම පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරුකර ගැනීමේ කටයුතු බුද්ධි අංශ සහය ඇතිව මේ වන විටත් ආරම්භ වී ඇත.

එම විමර්ශන කටයුතු අවසන් වූ වහාම ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *