රටේ ජනමතය තියෙන්නේ අනුර ළඟ…! රනිල් ඩලස් දෙන්න ම අනුර ළඟට ආවේ ඒකයි..! – විජිත…

July 19, 2022 at 7:53 pm | by emanisa.lk

ජනතා මතයත් සමග ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ජනාධිපති ඡන්දය දැනටමත් ජයග්‍රහණය කර අවසන් බව විජිත හේරත් පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් එහි දී පෙන්වා දුන්නේ නාම යෝජනා පිළිගැනීමෙන් අනතුරුව රනිල් සහ ඩලස් පැමිණියේ අනුර අසලට බවයි.

එයට හේතුව ජනමතය ඇත්තේ අනුර දිසානායක අසල වීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

පොහොට්ටුවෙන් යූඇන්පී අපේක්ෂකයා ද යූඇන්පියෙන් පොහොට්ටු අපේක්ෂකයා ද යෝජනා කළ බවත් ජනතාව ඉල්ලා සිටින වෙනස මෙය නොවන බවත් විජිත හේරත් අවධාරණය කළේ පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *