හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළැඹෙන මාසයේ දී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
ගෝඨාභය රාජපක්ෂට විශ්‍රාම ගිය ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද ලැබීමට නියමිතව තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ බිරිදට කොළඹින් නිල නිවසක්, ආරක්ෂක බල ඇණියක්, වාහන ඇතුළු වරප්‍රසාද රැසක් හිමි වෙයි.
දැනට විදෙස්ගතව සිටින ගෝඨාභය රාජපක්ෂ විසින් ඉල්ලා සිටින අවස්ථාවක මෙම පහසුකම් ලබා දීමට කටයුතු සූදානම් වෙමින් පවතී.