ඉදිරියටත් උපරිමයෙන් මව්බිමට සේවය කරනවා…! ගෝඨාභය….

July 16, 2022 at 2:05 pm | by emanisa.lk

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක අද (16) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

කොරෝනා වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට 2020 -2021 වසරවල වරින් වර රට වසා දැමීමට සිදුවීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය තව දුරටත් වර්ධනය වීම සහ විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට රජයට සිදු වු බව එම ලිපියේ සඳහන් වෙයි.

ඒ තුළින් වූ අස්ථාවරත්වයට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කරමින් සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තමා විසින් හැම උත්සාහයක්ම ගනු ලැබූ බවද ඉල්ලා අස්වීමෙි ලිපියේ සඳහන් ය.

පොදු ජනතාවගේ සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ ඉල්ලීම අනුව ජනාධිපති ධුරයෙන් ජුලි 14 සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව ද උපන් මව්බිමට මේ දක්වා උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ අයුරින් ම ඒ සඳහා ඉදිරියේදීත් දායක වන බව ද ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමෙි ලිපියේ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *