පාර්ලිමේන්තුව වට කිරීමේ තීරණයක් ගාලු මුවදොර පොදු අරගල භූමියේ නොතිබුණු බවත්, එම සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසයි.
ඊයේ (14) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු පැවසුවේ මෙයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත සහ සුනිල් හඳුන්නෙත්ති එකතු වූ බවයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීම සහ රාජපක්ෂවරුන් දේශපාලනයෙන් ඉවත් කිරීමත් වෙනුවෙන් මෑත කාලයේ දියත් වූ මේ ජන අරගලය ලෝක දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ අරගලයක් බවත් මෙම අරගලයෙන් සැලකිය යුුතු ජයග්‍රහණ ප්‍රමාණයක් අත්පත් කරගෙන තිබෙන මොහොතක මෙවැනි දේවල් සිදු වීම අනුමත කළ නොහැකි බවත් කීය.
පාර්ලිමේන්තුව වටලා, පාර්ලිමේන්තුව රැස්වීම වළකා පවතින ගැටලුවලට විසඳිම් සෙවිය නොහැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම කීවේය.