විදුලි ජනනය සඳහා ඩීසල් මෙ.ටො. 7,000ක් ලබා දීමට ලංකා අයි.ඕ.සී. සමාගම එකඟතාව පළ කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය එම ඩීසල් තොගය මිල දී ගැනීමට අවශ්‍ය මුදල් සූදානම් කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ජනක රත්නායක සහ ලංකා අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්යක්ෂ මනෝජ් ගුප්තා අතර පැවති හමුවක දී මේ එකඟතාව ඇතිව තිබේ.