හරියට මැනේජ් කළොත් පෙට්‍රල් ලීටරේ රු. 200ට අඩුවෙන් දෙන්න පුළුවන්..! – මහජන උපයෝගීතා කොමිසම

June 28, 2022 at 7:51 pm | by emanisa.lk

බොරතෙල් මගින් ඉන්ධන නිෂ්පාදනය හෝ එක් සමාගමක් මගින් නිසි පටිපාටියට අනුව දිගුකාලීනව ඉන්ධන ලබා ගැනීමෙන් හෝ රු. 200ට අඩු මිලකට මෙරට දී ඉන්ධන ලීටරයක් අලෙවි කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

සිපෙට්කෝ සමාගම පිරිසිදු කළ තෙල් බැරලයක් ඩොලර් 174කට මිලට ගනිද්දී ලංකා IOC සමාගම බැරලයක් මිලට ගන්නේ ඩොලර් 112කට බවයි, ඔහු සඳහන් කළේ.

සිපෙට්කෝ සමාගම මෙතරම් අධික මිලකට තෙල් ආනයනය කරන්නේ අඟහරු ලෝකයෙන් ද ජනක රත්නායක ප්‍රශ්න කරයි.

එම බර දැරීමට සිදුව ඇත්තේ මේ රටේ අහිංසක ජනතාවට බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ, රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමිනි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *