සිපෙට්කෝ ආයතනය (CPC) පුද්ගලික අංශයට ලබා දීම අත්‍යාවශ්‍යයි. ලෝක වෙළඳපොළේ තෙල් කනින්නේ පුද්ගලික සමාගම්, තෙල් ප්‍රවහනය කරන්නේ පුද්ගලික සමාගම්, තෙල් විකුණන්නේ පුද්ගලික සමාගම්, තෙල් පිරිපහදු කරන්නේ පුද්ගලික සමාගම්, තෙල් බෙදා හරින්නේ පුද්ගලික සමාගම්.
එහෙම තෙල් වෙළඳපොළේ ලංකාවේ විතරක් ඒ ටික ආණ්ඩුවට අරගෙන රාජ්‍ය අංශයේ සමාගමක් හදා ගෙන පාඩු ලබ ලබ සහනාධාරවලට තෙල් දෙනවා. අකාර්යක්ෂමතාවෙන් උපරිම පිරිණු ආයතනයක් නඩත්තු කරන්නේ මහා භාණ්ඩාගාරයෙන්. දුම්රිය, ලංගම, ශ්‍රීලංකන් ඔක්කොම තෙල් ගහ ගෙන ණයට, නිකම් ඉන්නවා. මේ වෙළඳපොළ රාජ්‍ය අංශයෙන් නිදහස් කර ගැනීම ඉතා ම වැදගත්. ඉන්දියන් ඔයිල් එකට තියෙන්නේ 12%යි දැනට. ඉතිරිය CPC.
එහෙම නැතුව පුද්ගලික සමාගම් 4ක් 5ක් අතර මේ වෙළඳපොළ බෙදා දීමෙන් ජනතාවට වඩා සාධාරණ මිලකට, කාර්‍යක්ෂමව, තරඟකාරීව තෙල් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ලෝකයේ තෙල් සමාගම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ලෝකයේ විවිධ රටවල වෙළඳපොළ තුල තෙල් විකුණනවා. ඒ ලෝක වෙළඳපොළට සාපේක්ෂව මිළ සූත්‍රය ඇසුරෙන්.
විශේෂයෙන් මේ වෙලාවේ නැව් සහ ගුවන් යානා සඳහා අවශ්‍ය තෙල් සැපයුම පවත්වා ගෙන යන්න සිපෙට්කෝ එකට බෑ. ඒකට වෙනම සමාගම් යොදවන්න වෙනවා. එසේ නොවුණොත්, නැව් සහ ගුවන් යාන එන්නේ නැතිව යන්න පුළුවන්.
කඩා ගෙන වැටෙන ආණ්ඩුවක් මෙවන් ගනුදෙනුවල නියැලෙන්නේ කුණු කොල්ලයට වගේම, ඒකෙනුත් ලොකු කුට්ටියක් කඩා ගෙනම. ඒ වගේ ම මේ ගනුදෙනුවල යට ඉන්නේ ඒ අයගෙම ඉත්තෝ. මේ සමාගම්වල අධ්‍යක්ෂක මට්ටමේ ඉඳලා යාළු මිත්‍රයෝ. ගාණ කපා ගන්නවා.
මේ ආකාරයේ විසඳුම්, පුද්ගලීකරණය කිරීම් අත්‍යාවශ්‍යයි. නමුත් ඒවා මේ පරණ කඩා වැටෙන ක්‍රමය තුළ ම සිදු වීම කියන්නේ රටට අවාසියි.
රට හදනවා නම් Cost Recovering Energy Pricing කියන එක අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ නිෂ්පාදන වියදමවත් ආවරණය වන මිළ ක්‍රමයක්. එහෙම නැතුව රටක් කරන්න බෑ. බැරි හින්දමයි කඩං වැටුනේ. IMF ණය ගන්නත් ඕක එක කොන්දේසියක්.
අපි වෙනස් වෙමු.
නූතන ලෝකයට පිවිසෙමු.
අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායකත්වයට තිත තියමු.
පැතුම් කර්නර්