පසුගිය මැයි 09 වැනිදා ප්රචණ්කාරීන් අතින් නිවාස ඇතුළු දේපළ විනාශ වූ ප්‍රබල ඇමැතිවරයකු ඒවා යළි ගොඩ නැගීම සඳහා සැපයුම්කාර සමාගම්වලින් මුදල් රැස් කරන බව හෙළි වී තිබේ.
මේ සඳහා අදාළ ඇමැතිවරයා යටතේ තිබූ අමාත්‍යාංශයේ සැපයුම්කාර සමාගම්වලින් ලක්ෂ ගණන් මුදල් එකතු කරමින් ඇතැයි දැන ගන්නට ඇත. මේ අතර ඖෂධ සමාගම් ද පවතින බව වාර්තා වේ.
ඒ සඳහා ඇමැතිවරයාගේ පුතකු මෙන්ම ඇමැතිවරයාගේ ව්‍යාපාරික ලේකම් ලෙස කටයුතු කළ අයකු ද අදාළ සමාගම් වෙත කතා කර ඇත.