අරගලේ පෙරමුණේ ගිය පේෂල VIP තෙල් පෝලිමක…! VIP ගියේ ජනතාව වෙනුවෙන් බව පේෂල කියයි…!

June 16, 2022 at 7:42 pm | by emanisa.lk

කලාකරුවෙකු මෙන් ම අරගලයෙහි නියමුවෙකු ලෙස පෙනී සිටින පේෂල මනෝජ් තලංගම ඩිපෝවෙහි ⁣ඉන්ධන පිරවුම්හලින් සිය රථයට තෙල් ලබා ගන්නා ඡායාරූප සඳහා සමාජමාධ්‍ය ඔස්සේ ඉහළ ප්‍රචාරයක් ලබා දෙනු දැකිය හැකිය.

ඇම්බියුලන්ස්  යුත්‍යවශ්‍ය සේවා සඳහා වෙන් කර ඇති ඉන්ධන හලකින් ඔහු සිය රථයට ඉන්ධන ලබා ගැනීම මෙම තත්ත්වයට හේතුවයි.

මින්පසු VIP ඇම්බියුලන්ස්වලට පමණක් යැයි පසුගියදා එම අරගල භූමිවල පුනපුනා ප්‍රකාශ විය.

මේ පිළිබඳ සමාජමාධ්‍ය වෙත අදහස් දක්වමින් පේෂල මනෝජ් පවසා ඇත්තේ පසුගිය දිනවල පෝලිම්වල සිටිය ද තෙල් නොලැබුණු බවත් champion star තරඟයට ගොස් ජනතාව සතුටින් තැබීම අත්‍යවශ්‍ය සේවාවක් නිසා මෙලෙස VIP පෝලිමේ තෙල් ලබා ගත් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *