ශ්‍රී ලාංකික ජාතිය දුක් විඳින අයුරු දැකීම පුරවැසියකු සහ අගමැතිවරයකු වශයෙන් තමාට දරුණු ලෙස දැනෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
අගමැතිවරයා විදෙස් පුවත් ඒජන්සි සමඟ පැවැති සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කර තිබේ.
තමා මීට පෙර ආණ්ඩු නියෝජනය කරද්දී මිනිසුන්ට ආහාර වේල් තුනක් ලබා දී ඔවුන්ගේ ආදායම වැඩි කර ඇති බව කී අග්‍රාමාත්‍යවරයා නැවතත් පෙර තත්ත්වය ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බව පැවසීය.
මෙවැනි දෙයක් ශ්‍රී ලංකාවේ කිසි දිනෙක දැක නැති බවත් කිසිදා එසේ වනු ඇතැයි තමා නොසිතූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අමාරු කාල තිබුණත් ඉන්ධන නැති, ආහාර නැතිව දුක් විඳින ලාංකික මිනිසුන් තමා මීට පෙර දැක නොතිබූ බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.