ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හෙට (09) දින සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
ඔහු ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කිරීමට ද නියතමිතය.
අනතුරුව ආර්ථික සංවර්ධනය ඇතුළු ප්‍රබල ක්ෂේත රැසක් සහිත අමාත්‍යංශයක් ඔහුට භාර දීමට ද සැලසුම් කර තිබේ.
තමන් ඇමැති ධූරයක් භාර ගැනීමට සූදානම් බව ධම්මික පෙරේරා පසුගියදා මාධ්‍යයට ද ප්‍රකාශ කළ බව වාර්තා විය.