හැම බිම් අඟලකම වගා කරන්න…! වහාම ගොවීන්ට පොහොර දෙන්න…! නැත්නම් ලබන මාසේ හාල් කිලෝව රු. දාහයි..!

May 31, 2022 at 9:57 am | by emanisa.lk

ඉදිරි මාස කීපය ඇතුළත සහල් කිලෝව රු. 1000 ඉක්මවනු ඇති බවට එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අගවයි.

එළඹෙන ඔක්තෝබර් මාසය වන විට මෙරට උග්‍ර සහල් හිගයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ද ඒ නිසා මෙලෙස සහල් මිල ඉහල යනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මේ තත්ත්වය ගැන අවධානය යොමුකර වගාවන් සඳහා අවශ්‍ය පොහොර වහාම ලබා දීමට කටයුතු කරන ලෙස ද එම සංගමය බලධාරීන් ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම කඩිනමින් විකල්ප ආහාර වගාවන් සඳහා යොමුවන ලෙස ඔවුහු මහ ජනතාවගෙන්ද ඉල්ලීමක් කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *