පාස්කු බෝම්බකරුවන්ගේ පියාට සහ සහෝදරයාට ඇප…!

May 25, 2022 at 4:33 pm | by emanisa.lk

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 02 කට ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු වෙන මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්ෂාෆ්ගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් සහ ඔවුන්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් හිජාස් අහමඩ් ඇප මත මුදා හැර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් නවරත්න මාරසිංහ විසින් මෙම නියෝගය ලබා දී ඇත. සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 02 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 03 ක් මත මුදා හැර තිබේ.

ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය භාරයට දෙන ලෙසට නියෝග කර ඇත.

සෑම මාසයකම පළමු සහ අවසන් ඉරිදා දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් ඔවුන්ට අධිකරණය නියෝග කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *