ඇමැති ධූර ලබා ගැනීම උදෙසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් අතර දැඩි සටනක් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි.
වර්තමාන ආණ්ඩුවේ ඇමැති ධූර සංඛ්‍යාව 25කට සීමා කර ඇති අතර ඊට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුළත් ය.
ඒ අතරින් ඇමැතිවරුන් 13 දෙනෙකු දැනටමත් දිවුරුම් දී ඇති අතර පොදුජන පෙරමුණට හිමි ඇමැති ධූර 10න් 05ක් මේ වන විටත් පුරවා අවසන්ය.
ඉතිරි ඇමැති ධූර 05 ලබා ගැනීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 40ක් පමණ ජනපති අගමැති සහ විවිධ පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් දැඩි සටනක නිරත වෙති.