රනිල් අගමැති කළේ පවුල් පාලනයට විරුද්ධව..! – පොහොට්ටු මන්ත්‍රී….

May 18, 2022 at 10:57 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ තම මන්ත්‍රී කණ්ඩායම රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් පත් කළේ, ඔහු පාර්ලිමේන්තුව තුළ තනි පුද්ගලයෙකු නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රෙස්න පවසයි.

රනිල් වික්‍රමසිංහට විදේශ සම්බන්ධකම් තිබෙන හෙයින් විදේශවලින් ඩොලර් හොයා ගැනීමට එතුමාට හැකියාව ලැබෙනු ඇතැයි සිතන හෙයින් පක්ෂ භේද නොබලා ඔහු අගමැතිවරයා ලෙස පත් කළ බව ද ඔහු පෙන්වා දෙයි.

“අපි දැන් එක්සත් ජාතික පක්ෂයේ තනි පුද්ගලයා වශයෙන් ඉන්න, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති විදියට පත් කළේ වෙන හේතුවක් නිසා නෙමෙයි. එතුමා තනියෙන් ඉන්න හින්දා, ස්වාධීනව කටයුතු කරයි කියලා.

එතුමාට තව නියෝජිතයෝ නැති නිසා. මේක ඇතුලේ සංවර්ධනය කරන්න එතුමාට කෙනෙක් නැහැ. ඒක නිසා තමයි අපි කවුරුත් එතුමාට උදව් කළේ. ස්වාධීනව මේ පාලනය අරන් යයි කියලා.,

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *