පොහොට්ටු මන්ත්‍රිලට ලැබුණේ අරලියගහ මන්දිරෙන් වැපිරූ භීෂණයේ බීජවල අස්වැන්නයි…! – ෆීල්ඩ් මාර්ෂල්…..

May 17, 2022 at 5:56 pm | by emanisa.lk

භීෂණයේ බීජ වැපිරුවේ අරලියගහ මන්දිරයෙන් යැයි ද අද එම බීජවල ඵල නෙළා ගන්නට මන්ත්‍රීවරුන්ට සිදු වී ඇතැයි ද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

යකඩ පොල්ලක් අරගෙන ගිය පුත්තලම් බූරුවෙක් පිටුපස බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති ගිය බව ද ඊට දඬුවම් කිරීම අරලියගහ මන්දිරයෙන් පටන් ගෙන හරි තැනින් අවසන් කළ යුතු යැයි ද ෆොන්සේකා සඳහන් කළේය.

දැන් එල්ටීටීඊ ප්‍රහාරයක් ගැන කතා කරන නමුත් එය ඇත්තක් නොව බොරුවක් සරත් ෆොන්සේකා අවධාරණය කළේය.

අර්බුදයේ විනිශ්චකරුවන් බවට පත්වී සිටින්නේ අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව බවත් මන්ත්‍රීවරුන් මොනවා කිව්වත් සිදුවී ඇති දේ ගැන ජනතාව දන්නා බවත් කී ෆොන්සේකා මහතා හදිසි නීතිය ගෙනැවිත් අර්බුදයට විසඳුම් සොයන්න පුළුවන් යැයි තමා සිතන්නේ නැති බවද කීය.

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිදු වූ දේපොළ හානි පිළිබඳ පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදයට එකතු වෙමින් අද (17) මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *