මේ වන විට ජල විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 60% දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
පසුගිය සමයේ දිවයිනට බලපෑ අධික වියළි කාලගුණ තත්ත්වය නිසා ජල විදුලි නිෂ්පාදනය 18% දක්වා පහත වැටී තිබිණි.
කෙසේ වුව ද මේ වන විට සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් වැසි තත්ත්වය නිසා ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ.
මේ නිසා රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා වැයවන ඉන්ධන ප්‍රමාණය තරමක් අඩු වී ඇත.