නව මහ බැංකු අධිපතිවරයාගේ දැක්ම වඩාත් නිවැරදි එකක් වීම සුබ ලකුණක් යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
රුපියල බේරා ගැනීමට නම් අලුත් මහ බැංකු අධිපතිවරයා විසින් මුලින්ම කළ යුත්තේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි කිරීම යැයි තමන් පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළ බව පවසන හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.
තමන් කළ කතාවෙන් පැය කිහිපයකට පසුව මහ බැංකු අධිපතිවරයා සහ මුදල් මණ්ඩලය විසින් තැන්පතු පොලී අනුපාතය 13.5%ක් දක්වාත් ණය දෙන පොලී අනුපාතය 14.5%ක් දක්වාත් වැඩි කර තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයාගේ දැක්ම වඩාත් නිවැරදි එකක් වීම සුබ ලකුණක් යැයි ද ප්‍රකාශ කළේ ය.
මීට පෙර සිටි අධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කොතෙක් දෑ කිව්වද එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වූ බව ද හෙතෙම පැවැසීය.