රටේ ජනතාව කබලෙන් ළිපට නොව හොම්බෙන් යන තත්ත්වයට පත්වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර පවසයි.
මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් අද (7) එසේ පැවසීය.
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩුකර පෝලිම් නැතිකර ජනතාවගේ පීඩනය අඩු කරන්නැයි ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා ඉවත්කර මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බවද ඔහු සඳහන් කළේය.
සියලු දෙනා එකතු කරගෙන ඉදිරියට යෑමට ආණ්ඩුවට තවත් අවස්ථාව තිබෙන බව ද ඔහු පැවසුවේය.