ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආර්ථික අර්බුදය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටිය ද දිනෙන් දින රුපියලේ අගය ඉතිහාසගත ලෙස අවප්‍රමාණය වීම ශ්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලතම මුදල් ඒකකය වීමට හේතු වී ඇතැයි එම සඟරාව පෙන්වා දෙයි.
රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකයට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි ද එම සඟරාව පෙන්වා දී තිබේ.