අවස්ථාවා දී ඇමතිකම් ලබා ගැනීමට විපක්ෂ නියෝජනය කරන සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ නොපැමිණෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
ජනාධිපති, අගමැති, ඇමති අං තට්ටු දමා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැති අතර බලයට පැමිණෙන්නේ නම් ඒ ජනතා ආශීර්වාදයෙන් පමණක් බවයි, ප්‍රේමදාස මහතා කියා සිටියේ.
මේ අතර දැන් මහ පොළවේ විරෝධයට ආණ්ඩුව අවනත විය යුතු බවත් දැන් හෝ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ ක්‍රමවේදයකට පිවිසිය යුතු බවත් හෙතෙම සඳහන් කළේ ය.
මේ අතර නිවැරදි යහපත් ප්‍රතිපත්ති මත පිහිටා රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් හොඳ වැඩක් කරන්නේ නම් එයට ඕනෑම අවස්ථාවක සහය දෙන බව ද විපක්ස නායකවරයා ප්‍රකාශ කළේය.