මේ ආණ්ඩුව රටට කොඩිවිනයක්…! මුලින්ම උදුරා ඉවත් කළ යුතුයි…! – සජිත්…

April 4, 2022 at 11:18 am | by emanisa.lk

ආණ්ඩුව රටට කොඩිවිනයක් බවත්, රාජ්‍ය ත්‍රස්තවාදය ජන බලයට යටත් බව ඕනෑම පාලකයෙක් අවබෝධ අවබෝධකරගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනතාවගේ අපේක්ෂාවන් සුනුවිසුනු කළ ආණ්ඩුව එක මොහොතක් හෝ රඳවා ගැනීමට මේ රටේ ජනතාව සූදානම් නැති බව පැවසූ විපක්ෂ නායකවරයා ජන සම්මතවාදය නාමයෙන් එය පෙරළා දමන බව ද ජනතා අපේක්ෂාවන් සපල කිරීම වෙනුවෙන් එකහෙළා පෙනී සිටින බව ද අවධාරණය කරයි.

මේ ආණ්ඩුව විසින් රටේ ජනතාව කනත්ත කරා තල්ලු කරගෙන යමින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා මේ ම්ලේච්ඡ ආණ්ඩුව සහමුලින්ම ගලවා විසි කළ යුතු බවද පැවසීය.

ආණ්ඩුවට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කරන පක්ෂ රැසක මන්ත්‍රීවරු නිදහස් චතුරශ්‍රය අභියස අද (03) පැවැත්වීමට සූදානම් කොට තිබූ විරෝධතාවට පොලීසියෙන් දැඩි බාධා එල්ල වූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *