මන්ත්‍රී නිල නිවාසවලට අඛණ්ඩව විදුලිය ලබාදෙන බවට පැතිරයන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
ඇමැතිවරිය අවධාරණය කරන්නේ, වර්තමානයේ තරම් විදුලි අර්බුදයක් නොපැවති විදුලි කප්පාදුව ආරම්භ වූ කාලයේ මන්ත්‍රී නිල නිවාස විදුලිය නොකපන ස්ථාන ලැයිස්තුවට ඇතුළත් කර තිබුණත් මේ වන විට එම නිල නිවාසවල ද විදුලිය කප්පාදුව සිදුවන බවයි.
ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (31) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මේ අතර නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සිය නිවසේ ද විදුලි කප්පාදුව මේ වන විට සිදුවන බවයි.