ඊයේ (31) මිරිහාන ජනාධිපති නිවස වැටලූයේ අන්තවාදී කණ්ඩායමක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම පිරිස අරාබි වසන්තයක් ඇති කළ යුතු බවට එහි දී සටන් පාඨ කියා ඇතැයි ද හෙළි වී තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ වූ අන්තවාදීන් විශාල පිරිසක් අත්අඩංගුවට ගත් බවත් කළහකාරී ලෙස හැසිරී රට අරාජික කිරීම ඔවුන්ගේ අරමුණ වූ බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්ය.