අර්බුදය ජයගන්න මැති ඇමැතිවරු ලොකු කැපකිරීමක් කරනවා..! ජනතාවත් කැපකිරීම් සඳහා සූදානම් විය යුතුයි…!

March 29, 2022 at 6:14 am | by emanisa.lk

මේ මොහොතේ රට ම දැඩි අසීරුතාවකට පත්ව ඇති බැවින් සියලු ජනතාව කැප කිරීම් සිදු කිරීමට සූදානම් විය යුතු බව මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක පවසයි.

ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරුන් සියලු දෙනා දැනටමත් විවිධ කැපකිරීම් සිදු කරමින් සිටින බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, පවසන්නේ දැන් රට වෙනුවෙන් ජනතාව ද විශේෂයෙන් තරුණ ප්‍රජාව කැපකිරීම් කිරීමට සූදානම් වියයුතු බවයි.

නිපුණ රණවක මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගීී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *