ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් අද (24) පෙරවරුවේ බැහැදැකීමට නියමිතව ඇත
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ඇමති වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ඉකුත්දා නිකුත් කරන ලද “රට හරි මගට” යෝජනාවලිය එහි දී මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට පිළිගැන්වීමට නියමිතය.