එක්සත් ජාතික පක්ෂය 1977 බලයට පැමිණ පෝලිම් යුගය අවසන් කළා සේ මෙවර ද එජාප ආණ්ඩුවක් පිහිටුවා පෝලිම් නැති ස්වර්ණමය යුගයක් බිහි කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.
රටේ පවතින ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීම වෙනුවෙන් දැන් තිබෙන හොඳ ම විකල්පය එක්සත් ජාතික පක්ෂය බව ජනතාව මේ වන විට තේරුම් ගෙන අවසන් බව කී නියෝජ්‍ය නායකවරයා පෝලිම්වල ජනතාව මිය යන යුගය අවසන් කරන බව ද කියා සිටියේය.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මේ බව කීවෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවකදීය.