කිරි තේ එකක මිල රුපියල් 100 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.
කිරිපිටි මිල ඉහළ යෑම සහ තේ මිල තව ද දුරටත් ඉහළ යාම යන කරුණු පිළිබඳව අවධානය යොමු කර මෙම වැඩි කිරීම කළ බවයි, ඔහු පෙන්වා දෙන්නේ. කිරි තේ එකක් මීට පෙර රුපියල් 80ක් විය.
කිරිපිටි මිල මෙම තත්ත්වයේම පැවතිය හොත් වසරක් දක්වා නැවත මිල ඉහළ නොදමන බවත් අසේල සම්පත් සඳහන් කළේ ය.