මහනුවර නගරයේ ඉන්ධන පිරවුම් හලක දීර්ඝ වේලාවක් භූමි තෙල් පෝලිමක සිටි වයස අවුරුදු 70 ක පුද්ගලයකු ඇද වැටීමෙන් පසු රෝහල කරා ගෙන යමින් සිටියදී මියගිය බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ උඩතලවින්න ප්රදේශයේ පදිංචි මොහොමඩ් ඉල්ලියාස් (70) නැමැති අයකු බව ද පොලිසිය කියයි.
මියගිය අය දීර්ඝ වේලාවක් භූමිතෙල් පෝලිමේ රැඳී සිට ඇති අතර ඒ වන විටත් පැවති දැඩි අව්ව නිමා කරමින් මහනුවර නගරයට වර්ෂාව කඩා හැලිමත් සමග ඔහු පෝලිමේ ඇද වැටුණ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.