බලා ගෙන යද්දි බැසිල්ට මොළ හතක් තියා එකක්වත් නෑ,..! – වෙල්ගම..

March 19, 2022 at 1:46 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ දේශපාලන පක්ෂයක් ගොඩනැඟූ බව ඇත්ත යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

හිටපු ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, එසේ වුව ද රටක් හෝ ආර්ථිකයක් පාලනය කිරීමට තරම් දැනුමක් බැසිල්ට නොමැති බවයි.

බැසිල් රාජපක්ෂට මොළ හතක් ඇතැයි කිව්ව ද බලාගෙන යන විට ඔහුට එක මොළයක්වත් නොමැති බව පෙනෙන්නේ යැයි ද කුමාර වෙල්ගම සඳහන් කළේ ය.

කෙසේ වුව ද බැසිල් රාජපක්ෂ එක දෙයකට දක්ෂ බවත් එය තමා නොකියන බවත් වෙල්ගම වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *