ජනාධිපති අර්බුදය කලින් දැනගෙන හිටියා නම් මිලියන 600 බදු සහනයක් ජනතාවට දුන්නේ ඇයි..! – හර්ෂ…

March 18, 2022 at 11:20 am | by emanisa.lk

ජනාධිපතිවරයා රටේ පවතින අර්බුදය කල් තියා දුටුවේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාදවූයේ ඇයිදැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විමසයි.

ණය ගෙවා දැමීමට ක්‍රමවේදයක් සකස් කිරීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම  අගය කළත් අද ගැනීමට යන තීරණය එදා ගත්තා නම් ජනතාවට මේ විදිහට දුක් විඳින්න සිදු නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

“ජනාධිපතිවරයා කියන විදිහට ඔහු මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට ක⁣ටයුතු කළ බව එතුමන් සඳහන් කළා.

මෙවැනි අර්බුදයක් කලින් දුටුවා නම් දේශපාලන ජනප්‍රියතාවය දිනාගැනීම වෙනුවෙන් දැවැන්ත ලෙස බදු අඩුකර වසරකට රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගත්තේ ඇයි?

අර්බුදයේ ආරම්භයක් බවට පත්වුණේ ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් වන ලංකාවේ රාජ්‍ය ආදායම් මේ ආකාරයෙන් දැවැන්ත ලෙස කඩා වැටීමයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස