මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එම ධූරයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට ඉංග්‍රීසි පුවත් පතක පළව තිබෙන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අවධාරණය කරයි. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද මේ බව තහවුරු කර තිබේ.
අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ, එම ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර තමන් හා මුදල් අමාත්‍යවරයා අතර යම් මතභේදාත්මක තත්ත්වයක පවතින බවට සිදුකරන ප්‍රචාර ද පදනම් විරහිත බවයි.
මේ වන විටත් ආර්ථික වර්ධනය නැංවීම වෙනුවෙන් කාර්යක්ෂම වැඩපිළිවෙළක් සඳහා මහ බැංකුව මාර්ගෝපදේශ සපයමින් සිටින බවයි, ඔහු පෙන්වාදෙන්නේ.
කෙසේ වුව ද හිටපු අමාත්‍ය විමල් වීරවංශ පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් ප්‍රකාශ කළේ මහ බැංකු අධිපතිවරයා බැසිල් රාජපක්ෂගේ නෙගටිව් ලිස්ට් එකේ ද පී.බී. ජයසුන්දර පොසිටිව් ලිස්ට් එකේ ද සිටින නිසා ළඟ දී ම කබ්රාල්ට ද ගෙදර යාමට සිදුවන්නට හැකි බවයි.