බැසිල් රාජපක්ෂ පොහොට්ටුවට පැමිණීම හරියට වේයො හදපු තුඹසට පොළඟෙකු රිංගුවා හා සමාන ක්‍රියාවකැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.
පොහොට්ටුව හැදුවේ විමල් උදය ඇතුළු පිරිස මිසක් බැසිල් රාජපක්ෂ නොවන බවත් ඔහු මෙරටට පැමිණියේ එම පක්ෂය ලියාපදිංචි කිරීමට පමණක් බවත් මන්ත්‍රීවරයා කීවේය.
පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් රාජ්‍ය අමාත්‍ය ධූරය ප්‍රතික්ෂේප කළ අතර ඔහු අධිකරණ කැබිනට් ඇමැති ධූරය බලාපොරොත්තුවෙන් සිට ඇතැයි පසුව වාර්තා විය.