ආණ්ඩුවෙන් එළියට යාමට ශ්රීලනිපය කලබල විය යුතු නැති බවත් ඒ සඳහා මාර්ගයක් ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
ආණ්ඩුවේ පක්ෂ 11ක් සමග එකතු වී වැඩපිළිවෙළක් සැකසූ බවත් එය කිසිසේත් හකුළා ගැනීමට තමන් සූදානම් නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.
ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පෙන්වා දෙන්නේ, එම පක්ෂ 11ත් සමග ආණ්ඩුවක් හදන තුරු ඉදිරියට ම යන බවයි.
ජාතික ආණ්ඩු සැදීමේ කිසිම සූදානමක් නොමැති බවත් එවැනි ආණ්ඩුවක ඇමැති තනතුරු දැරීමට තමන් සූදානම් නොමැති බවත් පවසන දයාසිරි ජයසේකර දැනට ඇති ඇමැතිකම් ප්‍රමාණය ද අඩු කරන ලෙස ආණ්ඩුවට බල කරන බව ද ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රීලනිප බදුල්ල දිස්ත්‍රික් නියෝජිත සමුළුව අද (12) බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේ දී අමතමිනි.