වැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය ඇතුළු රටේ අලුතින් ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.
රටේ පවතින මූල්‍යමය තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර ඇතැයි ම බැංකු ආරංචි මාර්ග වලින් පැවසේ.
රටේ රුපියල් ප්රමාණයේද බරපතළ පහත වැටීමක් පවතින හෙයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන ව්‍යාපෘති කෙටි කාලයකට තාවකාලිකව නතර කිරීමෙන් රටේ ආර්ථිකයට ලොකු ගැටළුවක් ඇති නොවනු ඇතැයිද සඳහන් කරයි.
මේ අතර පිටරටින් ගෙන්වනු ලබන සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීම වෙනුවට ඒවායින් අධික තීරු බද්දක් අය කිරීමට කටයුතු කරන ලෙසටද ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නැවත වරක් නිර්දේශ කර ඇත.
සුඛෝපභෝගී භාණ්ඩ තහනම් කිරීමෙන් ඇතැම් නිලධාරීන්ට සන්තෝසම්දී භාණ්ඩ ගෙන්වා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් තීරු බදු වැඩි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් රජයට ලොකු ආදායමක් ලබාගත හැකි වනු ඇති බවත් එම බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.