අද රාත්‍රී (11) සිට තිරිඟු පිටි මිල රුපියල් 35කින් ඉහළ දැමීමට ප්‍රධාන තිරිඟු පිටි ආනයනය කරන සමාගමක් වන සෙරන්ඩිබ් සමාගම තීරණය කර තිබේ.
මෙම මිල ඉහළ දැමීමත් සමග රුපියල් 120ක් ලෙස පැවැති තිරිඟු පිටි කිලෝවක මිල කිලෝවක රුපියල් 155ක් දක්වා ඉහළ යනු ඇත.
ලංකාවේ ප්‍රධාන තිරිඟු පිටි ආනයකරුවා වන ප්‍රිමා සමාගම කිලෝවක මිල රු.40කින් ඉහළ නංවන බව දැනුම් දී තිබේ. ඒ අනුව ප්‍රිමා තිරිඟු පිටි කිලෝවක මිල රු. 160 දක්වා ඉහළ යනු ඇත.
මේ සමග පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද සැලකිය යුතු මුදලකින් ඉහළ යනු ඇත.