පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සමගි ජන බලවේග කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
පක්ෂ කාර්යාලයට ගොස් තමා කොහිදැයි විමසූ බව දැනගන්නට ඇතැයි ද තමා රැඳී සිටින්නේ නිවසේ බවත් එහි ආරක්ෂක රැකවලුන් නොමැති නිසා නිවසට පැමිණෙන ලෙසත් හිරුණිකා මධුරගෙන් ඉල්ලා සිටියේ ය.
මධුර විතානගේට මේ තරම් තරහ ගොස් උද්ඝෝෂණ කරන්නේ මන්දැයි දැනගන්නට තමන්ට උවමනා බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවේ සමාජමාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමිනි.