බටහිර සම්බාධක මායිම් නොකර රුසියාව සමග ගනුදෙනු කළ යුතුයි..! තව වසර 10කින් ආසියාව ලෝක බලවතා වෙනවා..! – රනිල්…

March 5, 2022 at 5:07 pm | by emanisa.lk

ලංකාවෙි පහළ සහ මැද කොටසේ වගා කරන තේ රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකට ම අපනයනය කරන හෙයින් එහි යුද්ධය ලංකාවෙි  තේ කර්මාන්තයට බලපෑමක් ඇති කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක  සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අමෙරිකාව හෝ එක්සත් රාජධානිය රුසියාවට එරෙහිව සම්බාධක පැනවුවද ශ්‍රී ලංකාව රුසියාව හෝ වෙනත් රටවල් සමඟ සිදුකරනු ලබන වෙළෙඳාම නතර නොකළ යුතු බවයි, හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම නිසා ඉදිරි වසර දහය ඇතුලත ආසියාව ලොව බලවතා බවට පත් වන ලකුණු ඇතැයි ද මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

“බටහිර තිබුණු බලය නැති වෙනවා. ඔවුන් එකට එකතු කළ ගෝලීයකරණය දැන්  ඔවුන් වෙන් කරමින් සිටිනවා. බටහිර රටවල් ගෝලීයකරණය සහ මුල්‍ය උපකරණ පාලනය කරනවා.

ඩුබායි දෙස බලන්න, ඔවුන් එයට නතු නොවීම නිසා දියුණු වෙන්න හැකිවුණා. ඒ වගේමයි, ඔවුන් දේශපාලනයට නතු නොවීම නිසා මිනිසුන්ට නිදහසේ සිය කටයුතු කරගෙන යාමට හැකියාව ලැබී තිබෙනවා. මේ නිසා ඉදිරි වසර 10 තුලදී ආසියාවට හැකියාව තිබෙනවා ලෝකයේ බලවතා වෙන්න.

ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව ඇතුළු ආසියාවේ රටවල් සියල්ල එකට එකතුවී ආසියානු ජාතීන්ගේ සමුළුවක් කැඳවා ආසියාව ප්‍රතිනිර්මාණය කිරීමට අවස්ථාව උදාකර ගත යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *