බැසිල් රජාපක්ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඊයේ දින විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය ඉතා බරපතල හෙයින් වහාම ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් කළ යුතු බව සමඟි ජන බලවේගය පවසයි.
ඒ, එම පක්ෂයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (05) කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වන විට බැසිල් රාජපක්ෂට හොරා යැයි පවසන්නේ ඔහු සමඟ එකට සිටි ආණ්ඩුවේ ඇමතිවරු වන හෙයින් එය බරපතළ තත්ත්වයක් බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.
එම නිසා දැන් ජනාධිපතිවරයා විසින් වහාම කළ යුත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අණ දී බැසිල් රාජපක්ෂ ගැන සහ ඔහුගේ අමාත්‍යාංශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීම බව හෙතෙම අවධාරණය කරයි.
අද විමල් වීරවංශ මහතා විසින් කරන ලද චෝදනා ඊට පෙර තමන් නියෝජනය කරන පාර්ශවය විසින් පැවසුවද ඒ ගැන එදා එතරම් සැලකිල්ලක් නොදැක්වූූ බව ද මුජිබර් රහුමාන් සඳහන් කළේ ය.