ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසු වන බව වාර්තා වේ. යම් යම් හේතු මත කලකිරුණු කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මාස තුනක කාලයක් සඳහා ජපානයට ගොස් සිටින අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ද විදෙස්ගතව ඇත.
අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින නිමල් ලන්සා, යම් කාලයක් සඳහා මෙලෙස විදේශයකට ගොස් සිටින්නේ යම් මානසික විවේකයක් අපේක්ෂාවෙන් බව ඔහුට සම්බන්ධ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර ඇමැති තනතුරු නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත් වී විදේශගත වන බවට සිය හිතවතුන්ට දැනටමත් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.