ආණ්ඩුව නිවැරදි මඟට පැමිණියේ නැත්නම් ආණ්ඩුවේ බහුතරය තමන් ඇතුළු පිරිස සමග බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.
මෙය කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට හැකියාව ඇති බව ද හෙතෙම අවධාරණය කරයි.
බලශක්ති අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට සමු දීම සඳහා එහි ගොස් ආපසු එන අතර වාරයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.