හරි මගට ගිය විදුරට සහ ප්‍රේමනාත්ට එරෙහිව විනය පියවර ගන්නවා..! – පොහොට්ටු ලේකම්…

March 3, 2022 at 10:56 am | by emanisa.lk

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව ඊයේ පැවැත්වූ “මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය” එළිදැක්වීමේ වැඩසටහනට සහභාගී වූ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා වන විදුර වික්‍රමනායක සහ ප්‍රේම්නාත් සී. දොලේවත්ත සම්බන්ධයෙන් විනය කමිටුවේදී සාකච්ඡා කර ඉදිරි තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසුවේ අදාළ වැඩසටහනට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආරාධනා කර නොතිබුණු බවත්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් එය සංවිධාන කර තිබුණ ද එහිදී ප්‍රකාශ වූ ඇතැම් කරුණු අනුමත කළ නොහැකි බවත්ය.

ආණ්ඩුව විවේචනය කරමින් සිදුකළ එවැනි ප්‍රකාශවලට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනා දැක්වූ ප්‍රතිචාරය අනුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *